කුරුණෑගල අලුත් නගරාධිපති පත්වෙයි 2023/01/24
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා සුමිත් කුමාර උඩවාසලගේ මහතා පත්කර ඇත.
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා සුමිත් කුමාර උඩවාසලගේ මහතා පත්කර ඇත.
විශේෂයෙන්ම රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් දරන ඇමතිවරුන්ට ඔවුන්ට වැඩිපුර ඇති අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම ඉදිරියේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරුන්ට ප්‍රබල ඇමැති ධුර හිමි වීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
රජයේ රෝහල් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි. පෞද්ගලික අංශයේ ඖෂධ සහ ප්‍රතිකාරවල මිල ගණන් වැඩි වී ඇති නිසා පසුගිය කාලයේ පෞද්ගලික අංශය වෙත යොමුවුණු ජනතාවත් මේ වනවිට රජයේ රෝහල්වලට යොමු වී ඇති බව වාර්තාවේ.ෙ
නීති විරෝධි ආකාරයට විදුලි බල පනත උල්ලංඝනය කරමින් සිදුකිරීමට යන විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව අද [24 වැනිදා] අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව විදුලිය පාවිච්චි කිරීමේ සංගමය කියා සිටී.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළද මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නැතැයිද, නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා
විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වන දාත් විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වන දාත් ගෙවීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර ඇත.
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ කළු විරෝධතා සතියට සහාය පළ කරමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ඊයේ (ජන. 23) කෑම පැයේදී කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති විය.
දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි නිරීක්ෂණය වන බැවින් උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23දා සිට පෙබරවාරි 17දා දක්වා විදුලිය විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව …
“A/L කාලයේ විදුලිය කපන්න එපා”: මානව හිමිකම් කොමිසම උපයෝගිතා කොමිසමට දන්වයි. 2023/01/24 Read More »
ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා ලබාදුන් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.පෙරවරු 10 ට එම සාකච්ඡාව සදහා සහභාගි වන ලෙසයි මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇත.