මේ වන විට නව සබඳතා ලබා ගැනීම සඳහා දිවයින පුරා පුද්ගයින් 35,000ක් පමණ පොරොත්තු ලේඛනයේ සිටින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නව සබඳතා ලබා දීම සඳහා අවශ්‍ය වන විදුලි මීටර් ඇතුළු උපකරණ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී පැවතීම මෙම ප්‍රමාදයට බලපා ඇත.