පවතින දැඩි වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාම් අවදානම් පැවතිය හැකි ප්රදේශ හතරක් නම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය දිස්ත්රික්කවලට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.