නැව් එන්න කාලයක් නෑ – ශ්‍රී ලංකාවට ගල් අඟුරු ලැබීම අවදානමක 2022/12/04

ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයට අත්‍යවශ්‍ය ගල් අඟුරු තොග නිසි කලට නොලැබීමේ අවධානමක් මතුව ඇතැයි විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසනවා. ලබන වසරේ දීර්ඝ විදුලි කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට නම් ගල් අඟුරු නැව් 38 ක් අවශ්‍ය වනවා.

මේ වන විට මෙරටට පැමිණ ඇත්තේ නෞකා 05 ක් පමණයි. තවත් නෞකා දෙකකට අවශ්‍ය මූලික ගෙවීම් සිදුකර තිබෙනවා. කෙසේවෙතත් ඉතිරි නෞකා 31 ලබාගැනීමට කාලය ඇත්තේ අප්‍රේල් 30 වනදා දක්වා පමණයි. ඒ, වාරකන් සමයේදී ගල් අගුරු නෞකා නොපැමිණීම හේතුවෙන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *