දිළිඳු පවුල්වල පුද්ගලයන් මුලා කර මුදල් ලබා දෙන බවට පවසා බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් හරහා කෙරෙන වකුගඩු විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළා ය.
මෙලෙස පුද්ගලයන් විසින් වකුගඩු ලබා දෙනු ලැබ ඇත්තේ, බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් වන වෙස්ටර්න් රෝහල වෙත බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය.