මිලියන 200ක වියදමෙන් කුරුදු සදහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත. සිදුකළ යුත්තේ නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සදහා මුදල් වෙන් කිරීම නොව කුරුදු කර්මාන්තය වැඩි දියුණු කිරීම සදහා එම මුදල් යෙදවීම බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ පී හීන්කෙන්ද මහතා පවසයි.