ලබන වසරේ මුල සිට උද්ධමනය ක්‍රමයෙන් අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව පුරෝකථනය කරයි. දේශීය සැපයුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත වර්ධනයන්, ගෝලීය වෙළද භාණ්ඩ මිල ගණන් පහළ යාම ඇතුළු කරුණු ඊට හේතුවන බවයි මහබැංකුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ආර්ථික පර්යේෂණ ආචාර්ය එල් ආර් සී පද්බේරිය මහතා පවසයි