අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල ගණන් අඩු කළ බව ලංකා සතොස පවසයි. ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 398ක්, පාන් පිටි කිලෝවක් රුපියල් 279ක්, වියළි හාල් මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක්,ග්‍රෑම් 425ක බරකින් යුත් ටින් මාළු එකක් රුපියල් 585ක් සහ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 238ක් දක්වා මිල පහත දමා ඇත.