පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත හැකි තරඟ දෙකක් අද පැවැත්වෙනවා.
ඉන් එක් තරඟයක් අයර්ලන්තය සහ නවසීලන්තය අතර වන අතර අනෙක් තරඟය ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවැත්වේ.
මෙම තරඟ දෙකෙන් අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්තානය ජයගතහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩකඩක් පවතී. කෙසේවෙතත් අවසන් පූර්ව තරඟයට පිවිසීමට නම් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජයගත යුතු වනවා.