යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා වනජීවි දෙපාර්තමේන්තුවට ඊයේ (25) නියෝග කළේය.