කොළඹ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝවන මුව රංචු ජලභීතිකා පරීක්ෂණයකින් අනතුරුව වනෝද්‍යාන සහ අභයභූමි වලට යොමු කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
හෝමාගම අවට මුව ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා වගා බිම් වලට හානි වන බැවින් එම සතුන් වෙනත් රක්ෂිතයකට හෝ අභය භූමියකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයි අමාත්‍යාංශය පවසයි.