අද වැසි වසින හැටි 2022/10/18

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර මාතර, පුත්තලම, මන්නාරම, කිළිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව ද නිවේදනය කරයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *