රිය අනතුරකින් දැරියක් මරුට

තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගයේ ජූල්පල්ලම දී  වෑන් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින්  අවුරුදු දොළහක දැරියක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ කලුතර නාගොඩ හීනටිහැන්දල පදිංචි සඳලි ආකර්ෂා  නැමති දැරියයි.
 
ඇය ඇතුළු  පිරිසක් කතරගම වන්දනාවේ යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කීය.
 
මරණ පරීක්ෂණය බස්නාහිර වළකඩ හදිසි මරණ පරීක්ෂක ඒ.වෙත්තසිංහ මහතා විසින් අද(30) පෙරවරුවේ  පැවැත්වීමට නියමිතය.
 
තිස්සමහාරාම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.