පසුගිය 9 වන දා සිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළ පුද්ගලියින් පළමුව අත්අඩංගුවට ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද (මැයි 17) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කරමින් ඔහු සඳහන් කළේ, අදාළ සිදු වීම් ආරම්භ කළ ස්ථානයෙන් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතු බව ය.
මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා මෙසේ පැවසීය.
“ගෝල්ෆේස් එකට සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පහර දීපු පිරිස අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ නැතුව අනිත් අත්අඩංගුවට ගැනීම කරනවා. පටන් ගන්න සිද්ධිය පටන් ගත්තු තැනින්. එතන ඉඳන් පටන් අරගෙන කරන්න. මේ චණ්ඩිකම් කරලා දේශපාලනය කරන්න බැහැ. මේ චණ්ඩිකම්වලට මේ සමාජය විරුද්ධයි. මේ වගේ දේශපාලනය කළා ම අවසානයේදී දේශපාලඥයින්ගේ ගෙවල් දොරවල් පවා පිච්චෙන ප්‍රමාණයට ආවා. ඇයි මේ චණ්ඩිකම් කරන්නේ මේක චණ්ඩිකම් කරන තැනක් නෙවෙයි. වැරැදි තැනට යන්න එපා.”