නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන්ට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව ත් දින 7ක් ඇය නිවසේ නිරෝධායනය වන බව ත් ය.
ඇයගේ සහකරු ක්ලාර්ක් ගේෆෝර්ඩ්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීම ත් සමග ජසින්ඩා පසුගිය ඉරිදා සිට නිරෝධායනය සඳහා යොමු වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එළඹෙන සඳුඳා දිනයේ ඇය පාර්ලිමේන්තු කටයුතු සඳහා ද සහභාගි වීමට නියමිතව තිබුණු අතර පවතින අසනීප තත්ත්වය හේතුවෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් එම කටයුතු මෙහෙයවීමට නියමිත ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රහස්පතින්දා නවසීලන්ත වාර්ෂික අය-වැය ඉදිරිපත් කිරීමේ කටයුතු සඳහා ද ඇයට සහභාගි වීමට නොහැකි වනු ඇති බව ය.